www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොර විශාලය. ජීවනයට යන දොරටුව පටුය, එක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

දිනපතා යාඥාව උදෙසා බයිබල් පද


"මනුෂ්‍යයෙකුගේ සියළු මාර්ග තමාගේම ඇසට හරිව පෙනේ.
එහෙත් ස්වාමින් වහන්සේ සිත් කිරා බලනසේක.
පුජාවට වඩා ධර්මිෂ්ඨ කමද, යුක්තිය කිරීමද, ස්වාමින්වහන්සේට ප්‍රියව තිබෙයි".
-හිතොපදේශ 21

පඬුරු පුජාවන් තුළින් දෙවියන්වහන්සේ අල්ලා ගත නොහැකි බව දේව වචනය පෙන්වා දෙයි. නුමුත් අපගේ සිත උන්වහන්සේ ඉදිරියේ වැදගත් වන බව දේව වචනය පවසයි. එබැවින් අද දින ඔබගේ ජීවිතය ගැන සිතා බලන්න.

දිනපතා උන්වහන්සේගේ වචනය කියවීම තුළින් සහ ඒවා මෙනෙහිකිරිම තුළින් අපට අපගේ ජිවිත දෙවියන්වහන්සේ ඉදිරියේ හරිගස්සා ගැනීමට හැකියි. යාඥා කිරීමට ස්වල්ප මොහොතක් වෙන්කිරීම තුළින් දෙවියන්වහන්සේගේ හඬ ඇසීමේ අවස්ථාවද අපට උදාකරගත හැකියි. එබැවින් පුජාවට පළමුවෙන් අපගේ ජිවිත උන්වහන්සේ ඉදිරියේ හරිගස්සා ගැනීමට උනන්දු වෙමු. දෙවියන්වහන්සේ ගේ මඟ පෙන්වීම ඔබ සමග වේවා!

©2016- darmadasa.org (දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි.)